මම යන්නේ නෑ – බයිඩන්

Image

පසුගියදා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති රූපවාහිනි විවාදයේදී ජනපති බයිඩන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ දැඩි ලෙස කලබල වී සිටිති.

එහිදී ජනාධිපතිවරයා පැහැදිලි ලෙසම දුර්වල ලෙස ඊට සහභාගී වූ බව බහුතරයකගේ මතය වෙයි.

එබැවින් එළැඹෙන නොවැම්බර් ජනාධිපතිවරණයට වෙනත් අපේක්ෂකයෙක් ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත්කළ යුතු බවට විවිධ මත පළවෙයි.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තම පක්ෂයේ ඉහළ පෙළේ සාමාජිකයින් සමග බයිඩන් සාකච්ඡාවක් පවත්වා ඇති බවයි.

එහිදී තම සැලසුම් ගැන පැහැදිලිකර ඇති ජනපතිවරයා තමා ජනපතිවරණයට සහභාගීවන බව පවසා තිබුණි.

එසේම උප ජනාධිපති කමලා හැරිස් සමග ද ජනාධිපති බයිඩන් පුද්ගලිකව සාකච්ඡා පවත්වා ඇති අතර ජනාධිපතිවරණය සඳහා ඇය ඉදිරිපත්වීම වඩාත් සුදුසු බවට ද අදහස් පළ වෙයි.

2 Comments Text
  • zps_lnKr says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Как проверить отзывы и кейсы перед тем, как заказать продвижение сайта?
  • MyQWuDGpxZDdAaDOGMZIbh says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    pdrtwztSJaKDUGceizAPQhKl
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top