බිහිසුණු බස් – ලොරි අනතුර

Image

හලාවත – කොළඹ මාර්ගයේ මාදම්පේ – ගලහිටියාව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ සිමෙන්ති පැටවූ ලොරි රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලබා මේ වනවිට ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.

එම රෝගීන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අද (04) උදෑසන දේවාල හංදියේ සිට හලාවත හරහා කොළඹ බලා ධාවනය වූ ලංගම බස්රථයකට වේගය පාලනය කරගැනීමට නොහැකිව, පුත්තලමේ සිට කොළඹ බලා එම දිශාවටම ධාවනය වූ සිමෙන්ති ලොරියක ගැටී තිබුණි. 

අනතුරින් බස් රථයේ බද කොටසට දැඩි හානි සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී එම ප්‍රදේශයේ වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවති බව අප වාර්තාකරු පැවසීය

1 Comments Text
  • zps_kiKr says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Как составить грамотное ТЗ, прежде чем заказать продвижение сайта?
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top