වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා අද (19) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ බාර ගන්නා ලදී.
සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ බාරගැනීමෙන් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ජනතාව විශාල බලාපොරොත්තුවක් තබමින් අති විශාල බහුතරයක්, පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාවක් ලබාදෙමින් නව රජය බලයට පත් කරන ලද්දේ රට ඉදිරියට ගෙනයාමට බවත්, ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය එම වගකීම ඉතා ඉහළින්ම ඉෂ්ඨ කරන බවත් ජනතාවට පොරොන්දු වන බවයි.
ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය අද උදෑසන පැවැති පළමු කැබිනට් රැස්වීමේ දී තමන්ව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කළ බවද, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ඉතා බාරදූර හා වගකීම් සම්පන්න අමාත්‍යාංශයන් බවද එම අමාත්‍යාංශයන්හි කාර්ය සාධන කටයුතු ඉතා ඉහළින්ම සිදු කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය