ගෞතම ශ්‍රී පාද වන්දනා වාරයේදී ශ්‍රී පාද උඩ මළුව අලංකාරවත් මල් පෙති ලක්ෂ තිහකින් වර්ණවත් වී තිබිණි. ඇස්තුමේනියා, කපුරු ඇතුළු මල් වර්ග ගණනාවක මල් පෙති සහ පිච්ච මල් යාර හත්දහසකිිින් හැඩගැන්වීිමි කර තිබු ආකාරය පෙනිනි
දායකත්වය නුගේගොඩ කස්ටම් ගෲප් ඔෆ් කොම්පැනි ආයතනයේ හිමිකරුවන් වන නිශාන්ත ද සිල්වා සහ නිලන්ත ද සිල්වා යන සහෝදරයන්ගේ මූලිකත්වයෙන් සිදුවිය.
උඩ මළුව අලංකාර කිරීම සඳහා භාවිත කළ මල්, නුවරඑළිය ප්‍රදේශයෙන් මිල දී ගත් බවත්, එම මල් ශ්‍රී පාද උඩ මළුව දක්වා රැගෙන ගොස් සැරසීමට තම සමාගමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සියයකට ආසන්න පිරිසක් උපකාර කළ බවත්, එම ආයතනය පවසයි. මෙවර ශ්‍රී පාදස්ථානය මලින් සැරසුවේ 28 වැනි වතාවට බවත් මීට අමතරව ශ්‍රී පාද පද්මය සුවඳ පැනින් දෝවනය කිරීමට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය ලබාදුන් බවත්, එම සමාගම සඳහන් කරයි.
උඩ මළුව මලින් සැරසීමට ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, පැල්මඬුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය, ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන බෙංගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන්ගේ පූර්ණ ආශීර්වාදය ලැබී ඇත.