• Home
  • Uncategorized
  • සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් පැතිරිය හැකි රෝග වැලඳීමට වැඩි ඉඩක් ඇති බැවින් සිසිල් බීම දන්සැල් වෙනුවට උණුසුම් පාන වර්ග පිරිනමන දන්සැල් සංවිධාන කිරීම වැදගත යැයි සෞඛ්‍ය සේවා වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සියලු දන්සැල් සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් පැතිරිය හැකි රෝග වැලඳීමට වැඩි ඉඩක් ඇති බැවින් සිසිල් බීම දන්සැල් වෙනුවට උණුසුම් පාන වර්ග පිරිනමන දන්සැල් සංවිධාන කිරීම වැදගත යැයි සෞඛ්‍ය සේවා වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සියලු දන්සැල් සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

Image

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මේ දිනවල දිවයිනේ සමහර ප්‍රදේශ වල පැතිරයන බෝ වන රෝග තත්වයන්ද සලකා බලා මෙම ඉල්ලීම සිදු කරන බවයි.

මේ අතර දන්සැල් සංවිධානය හා අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ,ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සම්බන්ධීකරණය කර ගැනීමට ද අමතර සහායක් අවශ්‍ය වන අවස්ථාවලදී ඇමතීමට දුරකථන අංක කිහිපයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.:
1.කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය සම්බන්ධයෙන් , ටී.එච්.වී.සී. විතානගේ මහතා , ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොළඹ මහ නගර සභාව : 0776697674

2.අනෙකුත් ප්‍රදේශ සම්බන්ධයෙන් : කේ.කේ.එල් ජයලාල් මහතා, සහකාර අධ්‍යක්ෂ ,මධ්‍යම ආහාර පාලන ඒකකය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය : 0779191010

3. අනෙකුත් අදාළ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් : ජානක සුනෙත් බණ්ඩාර මහතා , සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී, ප්‍රවෘත්ති හා ප්‍රචාරණ අංශය , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය 0714327387

4. විස්තර විමසීමට හා සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන්, රජයේ කාර්යාල රාජකාරි දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා. ප්‍රවෘත්ති හා ප්‍රචාරණ අංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය : 0112670182

2 Comments Text
  • Eugene2414 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/jfEAr
  • Leia697 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/vxIYL
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top