අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක උපරිමයකට යටත්ව ජනවාරි මස මුල් සතියේ ඊට පෙර ගෙන්විමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ආනයනය කර දේශීය ලුණු නිෂ්පාදකයන් මඟින් වෙළෙඳපොළට සැපයීම මේ අනුව සිදු කරන බව , වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනය රටේ ගෘහ හා කාර්මික අවශ්‍යතා සඳහා පවතින ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණවත් වේ. ලුණු අස්වැන්න කාලගුණික තත්ත්වයන් මත රඳා පවතින අතර රට තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය වෙළෙඳපොළේ ගෘහ සහ කර්මාන්ත අවශ්‍යතා සඳහා වන ලුණු සැපයීමේ හිඟයක් ඇති විය හැකි බවට නිරීක්ෂණය වී තිබෙන බව ඒ මහතා කියා සිටියේය.
ඒ සඳහා පිළියමක් ලෙස සකස් කර වෙළෙඳපොළට සැපයීමට පවතින තීරුබදු අනුපාතය අනුව අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස ලුණු නිෂ්පාදකයන් විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව ද ඇමැතිවර