• Home
  • දේශීය
  • නිවාඩුවත් සමග ශ්‍රි පාදය වඳින්න විශාල පිරි­සක්

නිවාඩුවත් සමග ශ්‍රි පාදය වඳින්න විශාල පිරි­සක්

Image

 – ශ්‍රී පාද මාර්ග­යෙන් ඊයේ (01) උදෑ­සන වන­විට ශ්‍රී පාද වන්ද­නාව සඳහා දෙස් – විදෙස් වන්ද­නා­ක­රු­වන් ලක්ෂ­ය­කට වැඩි පිරි­සක් පැමිණි බව නල්ල­ත­න්නිය පොලී­සිය පව­සයි. මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වීමෙන් අන­තු­රුව වැඩිම වන්ද­නා­ක­රු­වන් පිරි­සක් පැමිණි සති­ අ­න්තය මෙය බව නල්ල­ත­න්නිය පොලී­සියපැවසිය

වන්ද­නා­ක­රු­වන් රැගෙන පැමිණි බස් හා වෑන් රථ­ව­ලින් නල්ල­ත­න්නිය නග­රයේ පිහිටි සිය­ලුම රථ­ගාල් පිරී ගොස් ඇති අතර, රථ­ගාල් ප්‍රමා­ණ­වත් නොවීම නිසා නල්ල­ත­න්නිය -මස්කෙ­ළිය ප්‍රධාන මාර්ගයේ රිකා­ටන් දක්වා කිලෝ මීටර් 06ක් පමණ දුරට මාර්ගය දෙපස වාහන නවතා ඇත. වන්ද­නා­ක­රු­වන් අධික වීම නිසා ශ්‍රී පාද මාර්ගයේ ස්ථාන කිහි­ප­යක වරි­න්වර තද­බ­ද­යන් ඇති වූ බවත්, එහිදී වන්ද­නා­ක­රු­වන් අප­හ­සු­තා­වට පත් නොවන අයු­රින් පහ­සු­කම් සැල­සී­මට කට­යුතු කළ බවත් නල්ල­ත­න්නිය පොලී­සියේ නිල­ධා­රි­යෙක් පැව­සීය.

මැදින් පෝය අද (02) නිසාවෙන් වන්ද­නා­ක­රු­වන් විශාල වශයෙන් පැමිණිමට හේතු විය

1 Comments Text
  • Noelle991 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/Q8CxR
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top