• Home
  • Uncategorized
  • තොර­තුරු ඒක්රැස්කිරිමෙන් අනතුරුව අස්වැ­සුම සුදු­සු­කම් ලැබූ සංඛ්‍යාව 991,800ක් බව සුභ­සා­ධන ප්‍රති­ලාභ මණ්ඩ­ලය අව­ධා­ර­ණය කරයි.

තොර­තුරු ඒක්රැස්කිරිමෙන් අනතුරුව අස්වැ­සුම සුදු­සු­කම් ලැබූ සංඛ්‍යාව 991,800ක් බව සුභ­සා­ධන ප්‍රති­ලාභ මණ්ඩ­ලය අව­ධා­ර­ණය කරයි.

Image

මෙලෙස තෝරා­ගත් අලුත් නාම ලැයි­ස්තුව සඳහා ලබන නොවැ­ම්බර් 27 වැනිදා වන විට ගෙවීම් ආරම්භ කිරී­මට බලා­පො­රොත්තු වන බව සුභ­සා­ධන ප්‍රති­ලාභ මණ්ඩ­ලයේ සභා­පති නිමල් කොට­වෙ­ල­ගෙ­දර මහතා ප්‍රකාශ කරයි. ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන්ගේ අනු­මැ­තිය සහි­තව ලැබුණු තේරීම් ලැයිස්තු සඳහා සුබ­සා­ධක ප්‍රති­ලාභ මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබෙන අතර මේ සම්බ­න්ධ­යෙන් යම් විරෝ­ධ­තා­වක් හෝ අභි­යා­ච­න­යක් පව­තින්නේ නම් එය ඉදි­රි­පත් කිරීම සඳහා ජන­තා­වට දින 10ක කාල­යක් හිමි­වන බවද නිමල් කොට­වෙ­ල­ගෙ­දර මහතා පැව­සීය. මෙම අභි­යා­චනා සහ විරෝ­ධතා ප්‍රාදේ­ශීය ලේකම්ගේ මූලි­ක­ත්ව­යෙන් යුත් කමි­ටුව වෙත ඉදි­රි­පත් කළ යුතු අතර, එම කමි­ටුවේ නිර්දේශ පද­නම් කර­ග­නි­මින් අව­සාන අනු­මැ­තිය ලබා­දී­මට කට­යුතු කරයි. නොවැ­ම්බර් මාසය තුළම අලුත් ලැයි­ස්තු­වට ගෙවීම් කිරී­මට නිය­මිත බැවින් ලබා දී ඇති දින 10ක කාලය තව­දු­ර­ටත් දීර්ඝ කිරී­මට හැකි­යා­වක් නොමැති බවත්, එම නිසා නිය­මිත කාල සීමාව තුළ අභි­යා­චනා ඉදි­රි­පත් කරන ලෙසත් සභා­ප­ති­ව­රයා ඉල්ලී­මක් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top