• Home
  • Uncategorized
  • මැදපෙරදිග කලාපයේ පවතින යුදමය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සීඝ්‍රයෙන් ඉහළ යන තෙල් මිල පාලනය කිරීම සඳහා උපායමාර්ගික තෙල් සංචිත මුදා හැරීමට G7 රටවල් පළ කැමත්ත පළකර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සීඝ්‍රයෙන් ඉහළ යන තෙල් මිල පාලනය කිරීම සඳහා උපායමාර්ගික තෙල් සංචිත මුදා හැරීමට G7 රටවල් පළ කැමත්ත පළකර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Image

මේ හේතු කාරනා සදහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව, ඉතිහාසයේ වාර්තා වන විශාලතම තෙල් සංචිත ප්‍රමාණය වෙළඳපොළට මුදා හැරීමට සූදානම් වන බව සදහමි කොට තිබෙි

ලෝකයේ සමස්ත තෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන වැදගත් මාවතක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් අපනයනය මෙම ගැටුම් හේතුවෙන් සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වී ඇත.
මෙය තෙල් මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී තිබේ.

වාර්තාවලට අනුව, ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය තෙල් බැරල් මිලියන 300ක් 400ක් දක්වා ප්‍රමාණයක් මුදාහැරීමට සැලසුම් කර ඇති බව වාර්තා පවසයි.

කෙසේ වෙතත්, බලශක්ති විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම පියවර කෙටිකාලීන විසඳුමක් පමණක් වනු ඇති බවය.

මෙම මුදා හැරීමට නියමිත ප්‍රමාණය ලෝකයේ දින 3ක් හෝ 4ක සමස්ත පරිභෝජනයට පමණක් සෑහේ.

තෙල් සංචිත යනු නැවත නැවත භාවිතා කළ හැකි දෙයක් නොවන බැවින්, වරක් මුදා හැරි පසු එම සංචිත හිස් වන බව විශේෂඥයන් අනතුරු අඟවති.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සාමාජික රටවල් සියල්ලම අවම වශයෙන් දින 90කට සෑහෙන තෙල් සංචිතයක් පවත්වාගෙන යාම අනිවාර්ය වේ.

තෙල් සංචිත මුදා හැරීමේ පුවතත් සමඟ දැනට වෙළඳපොළේ මිල යම්තාක් දුරකට ස්ථාවර වී ඇති බවක් පෙනෙන්නට තිබුණද, පිරිපහදු කිරීමේ ධාරිතාව සීමිත වීම ඉදිරියේදී තවත් ගැටලුවක් විය හැකි බව විදෙස් පුවත් වාර්තා කරයි.

2 Comments Text
  • Marion3033 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Drive sales, earn commissions—apply now!
  • Joanna1487 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/ZBEJH
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top