මෙලෙස තෝරාගත් අලුත් නාම ලැයිස්තුව සඳහා ලබන නොවැම්බර් 27 වැනිදා වන විට ගෙවීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සුභසාධන ප්රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවෙලගෙදර මහතා ප්රකාශ කරයි. ප්රාදේශීය ලේකම්වරුන්ගේ අනුමැතිය සහිතව ලැබුණු තේරීම් ලැයිස්තු සඳහා සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන අතර මේ සම්බන්ධයෙන් යම් විරෝධතාවක් හෝ අභියාචනයක් පවතින්නේ නම් එය ඉදිරිපත් කිරීම සඳහා ජනතාවට දින 10ක කාලයක් හිමිවන බවද නිමල් කොටවෙලගෙදර මහතා පැවසීය. මෙම අභියාචනා සහ විරෝධතා ප්රාදේශීය ලේකම්ගේ මූලිකත්වයෙන් යුත් කමිටුව වෙත ඉදිරිපත් කළ යුතු අතර, එම කමිටුවේ නිර්දේශ පදනම් කරගනිමින් අවසාන අනුමැතිය ලබාදීමට කටයුතු කරයි. නොවැම්බර් මාසය තුළම අලුත් ලැයිස්තුවට ගෙවීම් කිරීමට නියමිත බැවින් ලබා දී ඇති දින 10ක කාලය තවදුරටත් දීර්ඝ කිරීමට හැකියාවක් නොමැති බවත්, එම නිසා නියමිත කාල සීමාව තුළ අභියාචනා ඉදිරිපත් කරන ලෙසත් සභාපතිවරයා ඉල්ලීමක් කරයි.
තොරතුරු ඒක්රැස්කිරිමෙන් අනතුරුව අස්වැසුම සුදුසුකම් ලැබූ සංඛ්යාව 991,800ක් බව සුභසාධන ප්රතිලාභ මණ්ඩලය අවධාරණය කරයි.







