• Home
  • විදෙස්
  • කුමන්ත්‍රණයෙන් බේරුණු ජනපති ගැන මේ කරුණු දන්නවාද ?

කුමන්ත්‍රණයෙන් බේරුණු ජනපති ගැන මේ කරුණු දන්නවාද ?

Image

2020 දී බොලිවියාවේ ජනාධිපති ලෙස තේරී පත්වූ ලුයිස් ආසේ ව නෙරපා දැමීමට එරට හමුදා ජෙනරාල්වරයෙක් ගත් උත්සාහය ව්‍යාර්ථ කිරීමට එරට බලධාරීන් සමත් විය.

ජනාධිපති ලුයිස් ආසේ පවසන්නේ හිටපු ජනාධිපතිවරයෙක් වන ඉවෝ මොරාලෙස් එම ප්‍රයත්නය ට සහාය දක්වා ඇති බවය.

බොලිවියාවේ ජනාධිපතිවරයා ප්‍රකට ආර්ථික විශේෂඥයෙකි. ඔහුගේ සම්පූර්ණ නම වන්නේ ලුයිස් ඇල්බර්ටෝ ආසේ කැටකෝරා ය.

ඔහු එරට 67වන ජනාධිපති වෙයි.  

මොරාලෙස් ජනපති ලෙස පත්වූ 2005 වසරේ පැවති ජනාධිපතිවරණයේ ආර්ථික සැලසුමේ නිර්මාතෘ වරයා වන්නේ ඔහු ය.

අනතුරුව බොලිවියා ආර්ථිකය සීග්‍රයෙන් වර්ධනය වූ අතර එම ආර්ථික වර්ධනයට මූලික වූයේ ආසේ හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ බව ඔහුගේ ආධාරකරුවන් පවසයි.

විශේෂයෙන්ම එම සමයේ එරට බොහෝ දෙනෙක්ව දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට ඔහු ගෙන ආ ප්‍රතිසංස්කරණ හේතුවූ බව කවුරුත් පිළිගන්නා මතය කි.

60 හැවිරිදි වියේ පසුවන ජනාධිපතිවරයා මේ වනවිට අසාර්ථක වී ඇති බව ඔහුගේ විරුද්ධවාදීන් පවසයි.

රට තුළ ඩොලර් සංචිත හිඟ වීමෙන් ආර්ථික ගැටලු වර්ධනය වෙමින් තිබේ.

මෙවන් පසුබිමක බොලිවියාවේ බහුල ලිතියම් ලෝහය කැණීම සඳහා චීන සහ රුසියානු ආයෝජකයින් සමග ගිවිසුම්ගත වීමට ජනපතිවරයා සැලසුම්කර තිබේ.

නමුත් එම සැලසුම මන්ත්‍රීවරුන් විසින් සහතික කළ යුතු ය.  

විද්‍යුත්  මෝටර් රථ බැටරි නිෂ්පාදනයට යොදාගන්නා ලිතියම් සඳහා ලොව විශාල ඉල්ලුමක් ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top