• Home
  • ආර්ථික
  • වසරේ මුල් මාස හය තුළ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිලපත් මගින් ලබා ගත් සමස්ත ණය ප්‍රමාණයට වඩා රු. බිලියන 129 ක ණය ගෙවා දැමීමට රජය සමත් වෙලා

වසරේ මුල් මාස හය තුළ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිලපත් මගින් ලබා ගත් සමස්ත ණය ප්‍රමාණයට වඩා රු. බිලියන 129 ක ණය ගෙවා දැමීමට රජය සමත් වෙලා

Image

වසරේ (2024) පළමු මාස හය තුළ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් මගින් ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 129 ක ණය මුදලක් රජය ගෙවා දැමීමට සමත්ව ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

එම කාලය තුළ රජය බැඳුම්කර සහ භාණ්ඩාගාර බිලපත් මගින් ලබා ගත් සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 4852කි.

එම කාලය තුළ ගෙවා දමා ඇති ණය ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 4981ක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ආර්ථික අර්බුදයට පෙර අවශ්‍ය පරිදි මහ බැංකුව මගින් මුදල් මුද්‍රණය කර ගැනීමේ පහසුකම රජයට පැවති අතර 70% තරම් ඉහළ උද්ධමන අගයක් කරා රට ගමන් කිරීම එහි ප්‍රතිඵලයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. එහෙත් නව මහ බැංකු පනත සම්මත කරමින් ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රජය ද සාමාන්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යන ආකාරයට ණය ගැනීම සහ ණය ගෙවීම සිදු කළ යුතු බව හෙතෙම පෙන්වා දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top