මෙවර ජනාධිපතිවරනයේදී අුර කුමාර දිසානායකට සුවිශේෂ වන්නේ වත්මන් තරුණ පරපුර තම තරුණ නායකයා දිනවීම සදහා පෙරමුන ගෙන සිටී.මෙහි තවත් වැදගත් කරුනක් වන්නේ “කැපුවත් පොල කැපුවත් නිල්” කියන පවුල්වල දුවාදරුවෝ මාලිමාවට එකතුවීමත් ඔවුන් විසින් තම දෙමාපියන් මාලිමාවට ජන්දය පාවිච්චි කරගැනීමට පොලබවා ගැනීමට සමත් වීම. අනුර කුමාර දිසානායක ලැබූ තවත් ජයග්‍රහණයක්. ඒ බව බිම් මට්ටමේ ගම් මට්ටමේ කඩපිලේ දේශපාලන කතිකාවකින් මනාව පැහැදිලි වේ.එය තවත්සනාත කර ගත හැක්කේ වයසක අය හමුවන සෑම අවස්තාවකම ඔවුන්ගේ වචනයෙන්ම “මේ පාර කොහාට ජන්ද දමන්නේ පිස්සුනම් කෙළින්නෙපා මාලිමාවට දාන්න” කියන තරුණ ඉල්ලීමක් ගමේ නිතර නිතර ඇසෙන්නට තියෙනවා.එවැනි පසුබිමක අනුර කුමාර නිසැකයෙන්ම ජනාධිපති වන බව පෙනෙන්නට තියනාවා.
එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබල වේගය සලකා බලන කල සම්ප්‍රදායක පැරන්නන් ඒම පක්ෂ වටා ඒකරාශි වීමක් දක්නට ලැබෙනවා.ඒම පක්ෂවල මැති ඇමැතිවරුන්ගෙන් නොයෙක් නොයෙක් උදව් ලබා ගත් උදවිය. තම හිතවතා පක්ෂය මාරු කළත් ප්‍රශ්ණයක් වන්නේ නැත්තේ හිතවතා වෙනුවෙන් ජන්දය ලබා දෙනවා යන මතය තුල හිද ඔවුන් ලගට කිට්ටු වීම ගම් මට්ටමේ තියෙන පුංචි රැස්වීම් වලින් දකින්නට පුලුවන.මෙවන් දේශපාලන ගැටලු තත්වයන් මතුවීම අනුර කුමාරට වාසි වන්නේ UNP විරොධි මැති ඇමතිකම් දැරු උදවිය හා මහින්ද හිතවාදින් රනිල්ට එකතු වීමය. මේ බඩගෝත්‍රවාදී දේශපාලකයින් සමාජයට නිරාවරනය වන්නේ දේශපාලන අවස්ථාවාදී ලෙසය.වාමාශින කියාගත් සමහරුන්ද ධනපති කදවුරු දෙකකට එක්වන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපති වෙයිදෝ යන කුහක චේතනාව බව පැහැදිලි වේ.
දෙමල හා මුසලිම් ඡන්දය. කාටද. යන කරුන හමුවේ වඩාත් කැපී පෙනෙන වේදිකාව කොතනද කියන ප්‍රශ්ණය වත්මන් තරුණ පරපුරගේ කතා බහට ලක්ව තිබේ.ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීමට තමතමන්ගේ වේදිකාවට නංවා ගැනීමට දේශපාලන අවසථාවාදින් උත්සහ කිරීම තවතවත් කැපී පෙනෙන්නෙකි.මෙවැනි වට පිටාවක් හමුවේ අනුර කුමාර.නම් තරුණ නායකයා ජනාධිපති කරවීම බහුතර සිංහල ජනතාවගේ මතය බව අපගේ හැගීමයි.
සරත් චන්ද්‍රරත්න රත්මල්ල