ව්‍යාපාරිකයින්ට දින පතා පලදින්ට වෙන වෙනම මැණක් ගල් ඇත.එමෙන්ම තමන්ගේ ලග්නයට පළදින්ටද මැණික්ගල් වෙනම ඇත.උපන් මාසයට පළදින ගල්ද ඇත.මේ කෙසේ වෙතත් තම ග්‍රහ පිහිටීමට අනුව මැණික්ගල් ශරීරයට කුල වැද්දීමෙන් ඉතාමත් භාග්‍ය සම්පන්න තත්වයට පත් විය හැකි බව ඉපැරණි පත පොතේ සටහන් වේ.ශරීර ගත රෝග කාරකයක් සම්පූරණයෙන්ම මුදා හැරීමෙන් ඉතා හොද සෞඛ්‍ය තත්වයකින් ජීවත් වීම භාග්‍යද මැණක්ගල් පැළදීමෙන් ලබා ගත හැකි වේ.නූල් රිදී මුදුවකට හෝ පෙන්ඩනයකට මැණික් ඇල්ලීමෙන් නූල්රිදී කොටස ජීවම බදාගන්නෝ හෙයින් එයටඅල්ලන (ඔබ්බන) ලද මැණික්ගල ආරක්ෂිතව තම කිරණ ව්‍යාපාරිකයාගේ ශරීරයට අවශෝෂණය කරයි.එයින් ඔහුට හෝ ඇයට භාග්‍ය උදා කර ගත හැකියි.ව්‍යාපාරිකයා සැහැල්ලු වූ මනසකින් යුතුව තම ව්‍යාපාරික කටයුතු පවත්වා ගෙන යා යුතුය.තම පීඩනය දින කිහිපයක් ඇතුළතදී මර්ධනය කර සාමාන්‍ය මානසික තත්වයකට පත් කරැ වීම මැණික් මගින් සිදු වේ.ඒවා පරිහරණයේදී පරිස්සමෙන් පරිහරණය කිරීමට යොදා ගත යුතු බැව් දැන සිහිතබා ගතයුතුය.ඉරිදා දිනයේදී පත්මරාගය ද සදුදා මුතුද අගහරුවාදා රතු කොරල් ද බදාදා පච්ච සහ මරකත ද බ්‍රහස්පතින්දා පුෂ්පරාගයද සිකුරාදා සුදු නිල ද සෙනසුරාදා කාකනිල ද භාවිතා කිරීමෙන් ව්‍යාපාරිකයන්ට මහාභාග්යවන්තයන් වීමට හැකිය. එමෙන්ම තම තමන්ගේ ලග්නයන්ට අනුව මේශ ලග්නයට රතු මැණික් හා රතු කොරල් මිථුන ලග්නයට මරගත හා පච්චද කටක ලග්නයට මුතු හා චන්ද්රකාන්තියද සිංහ ලග්නයට පත්මරාගයද කන්‍ය ලග්නයට මරකත හා පච්චද තුලා ලග්නයට දියමන්ති හා සුදු නිල්ද වෘෂ්ච්ක ලග්නයට රතු මැණික හා රතු කොරල්ද ධනු ලග්නයට පුෂප රාගයද මකර ලග්නයට කාක නිලසද කුම්භ ලග්නයටත් කාක නිලද මීන රාගයට පුෂප රාගයද අනුමත වේ.