තමා කෙරෙහි විශ්වාසය තැබූ හා විශ්වාසය නොතැබූ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරමින් රට කරගෙන යන බවට ජනපති ලෙස පත්වූ අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22දා) පැවසීය.
ජනාධිපතිවරයා තෝරා පත්කර ගත් බවට වන නිවේදනය ප්‍රකාශයට පත් කිරීම සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති උත්සවයේදී ඒ මහතා මේ බව පැවසීය.
ප්රචණ්ඩත්වයකින් තොරව ජනාධිපතිවරණය පැවැත්වීම ජයග්‍රහණයක් බවත් ඉදිරි මැතිවරණවලදී ද ස්ථාවරව පවත්වාගෙන යෑමට අවශ්‍ය බවත් ජනාධිපතිවරයා පැවසීය.
පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ කල්දමා ඇති මොහොතක ජනාධිපතිවරණය පැවැත්වීමද ජයග්‍රහණයක් බවත් කීහ. රට අස්ථාවර වී ඇති බවත් එය ගොඩනැගීමට සියලු පියවරයන් ගන්නා බවත් දිසානායක මහතා පැවසීය.