රට අනුරට

Image
  • 1. වැඩි ඡන්ද ලක්ෂ 12ක් අනුරට විශිෂ්ට ජයක්
    2. දිස්ත්‍රික්ක 15ක ඡන්ද කොට්ඨාස 106ක් මාලිමාවට
  • 3. සජිත්ට ලැබුණේ දිසා 7ක කොට්ඨාස 48ක් පමණයි
    4. ඉතිහාසයේ පළමුවරට දෙවැනි මනාපයත් ගණන් කරයි

ජනාධිපතිවරණයේ දී ප්‍රකාශිත ඡන්ද සියයට 50ක ප්‍රතිශතයක් කිසිදු අපේක්ෂකයෙකු සමත් නොවීම හේතුවෙන් ජනාධිපතිවරණ පළමු වරට දෙවැනි මනාප ගණන් කිරීමක් සිදුවූ අතර, අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 5,634,915ක් විය. මනාප ගණන් කිරීමේ දී ඒ මහතා ලබාගත් ඡන්ද 105,264 ද සමඟින් ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,740,179කි.

මැතිවරණ කොට්ඨාස 160 අතරින් 106ක් ජය ගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමත් වූ අතර, සමස්තයක් ලෙස දිස්ත්‍රික්ක 15ක් ජය ගැනීමට සමත් විය. ඒ අනුව තැපැල් ඡන්ද ලබාගැනීමේ දී දිස්ත්‍රික්ක 19ක් ජය ගැනීමට සමත්ව තිබේ. දිස්ත්‍රික්ක වශයෙන් ගත් විට අනුරාධපුරය (285,944), පුත්තලම (207,134), මාතලේ (140,544), කුරුණෑගල (544,763), ගම්පහ (809,410), කෑගල්ල (247,179), කොළඹ (629,963), කළුතර (387,764), ගාල්ල (366,721), මාතර (287,662), හම්බන්තොට (221,913), රත්නපුර (291,708), මොනරාගල (140,269), පොලොන්නරුව (130,880) සහ මහනුවර (394,534) දිස්ත්‍රික්ක ජය ගැනීමට අනුර කුමාර දිසානායක මහත් සමත් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top