ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද බැලස්ටික් මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර වශයෙන් ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ඊයේ (03) උදෑසන ලෙබනනයේ බීරුට් අගනුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් හය දෙනකු මියගොස් ඇති බව ලෙබනන බලධාරීන් විසින් නිවේදනය කර තිබේ. ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් බීරුට් නගර මධ්‍යයේ තිබෙන ලෙබනන් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ආසන්නයේ පිහිටි ගොඩනැඟිල්ලකට ද හානි සිදු වී ඇති බව එම බලධාරීහු පවසා තිබේ. මෙය 2006 වසරෙන් පසු ඊශ්‍රායලය විසින් අදාළ ප්‍රදේශයට එල්ල කළ පළමු ගුවන් ප්‍රහාරය සේ සැලකේ. මේ අතර ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල් අවිව් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට එල්ල කර තිබූ මිසයිල ප්‍රහාරයන්ට එරෙහිව මෙයට වඩා දැඩි ප්‍රතිචාර දක්වන බව පවසා ඇති ඊශ්‍රායලය දකුණු බීරුට් නගරයේ පිහිටි ඩහියේ ප්‍රදේශයේ තිබෙන හිස්බුල්ලා සංවිධානයට අයත් මධ්‍යස්ථානයකට ද ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.