ලාල්කාන්ත
ජාතික ජන බලවේගය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට 500ක පමණ පිරිසක් අයැදුම් කළ බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. මහනුවරදී පෙරේදා (03) පැවති මාධ්‍ය හමුවක දී ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේය.
ඡන්දයෙන් මහනුවර දිස්ත්‍රික්කය සඳහා ජනතා නියෝජිතයින් 12 දෙනකු තෝරා ගතයුතුයි. නාම යෝජනා පත්‍රයට නම් 15ක් ඇතුළත් කළ යුතුයි.
මහ මැතිවරණයට තරඟ කිරීමට අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් ඉදිරිපත් වූ අය අතර විද්වතුන්, ව්‍යාපාරිකයන් මෙන්ම මෙයට පෙර වෙනත් දේශපාලන පක්ෂ නියෝජනය කළ අය ද සිටිනවා. නාම යෝජනා කමිටුව මඟින් මේ වනවිට 60 දෙනෙකු කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.
මෙම 60 දෙනා අතරින් අවසන් 15 දෙනා තෝරා ගත යුතුයි. ඔවුන් කවුද යන්න දැන ගැනීමට ලැබෙන්නේ නාම යෝජනා භාර දෙන අවස්ථාවේ දී තමයි.
අපේක්ෂකයන් මනාප අංක ප්‍රදර්ශනය කරන නමුත් පෞද්ගලිකව මනාප ඉල්ල සිටීමක් සිදු කරන්නේ නැහැ.