• Home
  • ආර්ථික
  • වෙළෙ­ඳ­පොළ සම­තු­ලිත කිරී­මට සුළු හා මධ්‍ය සහල් ව්‍යාපා­රි­ක­යන්ගේ ගබඩා ධාරි­තාව වැඩි කිරී­මට සහාය දෙනවා

වෙළෙ­ඳ­පොළ සම­තු­ලිත කිරී­මට සුළු හා මධ්‍ය සහල් ව්‍යාපා­රි­ක­යන්ගේ ගබඩා ධාරි­තාව වැඩි කිරී­මට සහාය දෙනවා

Image

සහල් වෙළෙ­ඳ­පොළ සම­තු­ලිත කිරීම සඳහා සුළු හා මධ්‍ය පරි­මාණ සහල් ව්‍යාපා­රි­ක­යන්ගේ ගබඩා ධාරි­තාව වැඩි කිරී­මට සහාය ලබා දෙන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රකාශ කළේය.

ජනා­ධි­ප­ති­ව­රයා මේ බව සඳ­හන් කර සිටියේ සුළු හා මධ්‍ය පරි­මාණ සහල් ව්‍යාපා­රි­ක­යන් සමඟ ජනා­ධි­පති කාර්යා­ලයේ ඊයේ (25) පැවති සාක­ච්ඡා­වට එක් වෙමිනි.

ජනා­ධි­ප­ති­ව­රයා මෙසේද පැව­සීය.

සහල් පාලන මිල වැඩි කර­මින්, අසා­ධා­රණ ලෙස ලාභ ලැබී­මට කිසිදු ව්‍යාපා­රි­ක­ය­කුට ඉඩ දෙන්නේ නැහැ.

කෘෂි­කර්ම සහ වාරි­මාර්ග ක්ෂේත්‍ර­වල ප්‍රව­ර්ධ­න­යට මෙන්ම පොහොර සහ­නා­ධා­රය ලබා දීම සඳහා ආණ්ඩුව විශාල මුද­ලක් වැය කරන බැවින් ජන­තා­වට සහල් සැප­යී­මේදී සුළු හා මධ්‍ය පරි­මාණ සහල් ව්‍යාපා­රි­ක­යන්ට ද වග­කී­මක් පැව­රෙ­නවා.

සුළු හා මධ්‍ය පරි­මාණ සහල් ව්‍යාපා­රි­ක­යන්ගේ ධාරි­තාව නඟා­සි­ටු­ව­මින් සහල් වෙළෙ­ඳ­පොළ සම­තු­ලිත කිරී­මට අදා­ළව ගත යුතු පිය­වර පිළි­බ­ඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. අසා­ධා­රණ ලෙස ලාභ ලැබී­මට සහල් පාලන මිලෙහි වෙන­සක් සිදු නොක­රන බව ද ඒ පැව­සීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top