• Home
  • පරිසරය
  • සංචාරක කර්මාන්තය ගැන ජනපති EU නියෝජිතයින් අතර සාකච්ඡා

සංචාරක කර්මාන්තය ගැන ජනපති EU නියෝජිතයින් අතර සාකච්ඡා

Image

සංචාරකයන්ගේ සහ ජනතාවගේ ආරක්ෂාව කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ ජනපති යුරෝපා සංගමයේ නියෝජිතයන් දැනුවත් කරයි.ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ මහතා ප්‍රමුඛ යුරෝපා සංගමයේ (EU) නියෝජිත පිරිස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් මෙහිදී යුරෝපා සංගම් නියෝජිත පිරිස දැනුවත් කළ අතර සංචාරකයන්ගේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෑත කාලීනව ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව ද දැනුවත් කළේය. ප්‍රධාන සංචාරක කලාප ආශ්‍රිතව ආරක්ෂක ප්‍රොටෝකෝල සහිත නීති රීති ක්‍රියාත්මක කර ඇති බවත්, හදිසි සේවා යොදවා ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ තීරණාත්මක හවුල්කරුවෙකු වන අතර, එය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන සහ සංචාරක වෙළඳපොළ ලෙසත්, තුන්වන විශාලතම ආනයන වෙළඳපොළ ලෙසත් කටයුතු කරයි.ශ්‍රී ලංකාව සඳහා සිය වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම, යුරෝපා සංගමය තුළ රැකියා අවස්ථා වැඩි කිරීම සහ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා සහාය දැක්වීමට ඇති කැපවීම යුරෝපා සංගම් නියෝජිතයෝ විසින් ජනාධිපතිවරයා හමුවේ තහවුරු කළහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top