හින්දු භක්තික ආගමික උත්සවයක් වන දීපාවලී උත්සවය අදට (31) යෙදී තිබේ. අයහපත පරදවා යහපතත්, අඳුර පරදවා ආලෝකයත් ජයග්‍රහණය කිරීම සැමරීම දීපාවලී උත්සවයේ ප්‍රධාන අරමුණයි.
වසර 35,000ක් පමණ පැරණි දීපාවලී සැමරුම වටා බැඳුණු පුරාවෘත්ත රැසක් පවතියි.
විෂ්ණු දෙවියන්, නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් දීපාවලී උත්සවය සමරනු ලබන බව මේ අතරින් වඩාත් ප්‍රකට කතා පුවතයි.
තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාටම ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිඳුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වේද සාහිත්‍යයේ සඳහන් වේ.