මහ කන්නයේ වී බිලියන 30 කට මිලදී ගැනීම සදහා මුදල් අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇතැයි කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්. එම්. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ගොවීන්ගෙන් මහ කන්නයේ වී අස්වනු මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීමට හැකිවනු ඇති බවද වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථක බවත් අදාළ මුදල සහන ණයක් ලෙස ලබා දීමට රජය මැදිහත්වී කටයුතු කරනු ඇති බවත් ලේකම්වරයා කියයි.
අවශ්‍ය ගබඩා පහසුකම් වී අලෙවි මණ්ඩලයේ ගබඩා මඟින් සැපයෙන බවත් දිස්ත්‍රික්ක කිහිපයක ගබඩා මේ වෙනුවෙන් ප්‍රතිසංස්කරණ කටයුතුවලට යොමු කර ඇති බවත් වික්‍රමසිංහ මහතා පවසයි