• Home
  • දේශපාලන
  • බෙදීමේ දේශපාලනය. අනාගතයට.වලංගු නැහැ – ජනපති අනුර

බෙදීමේ දේශපාලනය. අනාගතයට.වලංගු නැහැ – ජනපති අනුර

Image

බෙදීමේ දේශපාලනය වලංගු නොමැති බවත් උතුරේ දකුණේ නැගෙනහිර පොදු ජනතාවගේ අභිලාශයන් එක තැනකට එකතු කරගන්නට ජාතික ජන බලවේගයට හැකි වූ බවත් ජනාධිපති වරයා පවසයි

අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේන් අනතුරුව අමාත්‍යවරුන් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) මේ බව ප්‍රකාශ කළේය.

මේ මැතිවරණයෙන් සතුටට පත් වෙන කණ්ඩායමක් හෝ කම්පාවට පත් වන කණ්ඩායම යනුවෙන් කණ්ඩායම් දෙකක් නොපවතින බවත් ජනාධිපතිවරයා පැවසීය.

සාමකාමීව හා ප්‍රජාතන්ත්‍රවාදීව මහ මැතිවරණය පැවැත්වීමට සිය රජය විසින් අවස්ථාව ලබා දුන් බවත් එය අපේ රටේ ජනතාවට අලුත් අත්දැකීමක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

“අපි විශ්වාස කරනවා බලය කියන්නේ විශේෂ දෙයක්. බලය විසින් බලය උත්පාදනය කරනවා, බලය විසින් බලය ප්‍රශාරණය කරනවා. බලය විසින් බලය යළි යළි වර්ධනය කරනවා. හැබැයි සමහරු කියනවා බලය දූෂිතයි, අසීමිත බලය අසීමිත ලෙස දුෂිතයි. ඔප්පු කරලා තියෙනවා. අපේ රටෙත් අවස්ථා කිහිපයක මෙවැනි බලයන් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඒ බලයේ අවසාන ප්‍රතිඵලය ජනතාවට සාධාරණ ප්‍රතිඵල ගෙනත් දුන්නේ නෑ. ඒ නිසා සමහරුන්ට සැකයක් ඇති අපිට ලැබුණ අසීමිත බලය කොතැනකට තල්ලු කරයි ද කියලා. අපිට බලය තියෙන එක ඇත්ත ඒ වගේම බලයේ සීමාමායිම් වගේම බලයෙන් සෙල්ලම් කරන්න තියෙන කොටුවේ ප්‍රමාණය අපි හැමකෙනාම දන්නවා. බලයේ අරමුණක් තියෙනවා. දීර්ඝ කාලයක් අපි ජනතාවට දුන් යහපත් අරමුණුවල අපේක්ෂාවන් ඉටුකිරීමේ බලය අපිට පැවරිලා. ප්‍රධානම දේ මේ බලය වගකීම් සහිතයි. එක් අතකින් පුරවැසියන්ට, අනෙක් පැත්තෙන් ව්‍යාපාරයට.මේ බලය අපි හැසිරීමේ දී අපි වගවිය යුතුයි. අපිට වගකීමක් තියෙනවා. අපිට වගවීමක් තියෙනවා. සාමාන්‍ය පුරවැසියෙක්ට වඩා මන්ත්‍රීවරයෙකුට ඊටත් වඩා කැබිනට් අමාත්‍යවරයෙකුට විශාල බලයක් තියෙනවා. හැමදේනාම තේරුම් ගන්න එහි වගකීමක් හා බලයේ බැඳීමක් තියෙනවා. එය ආරක්ෂා කරයි කියලා මම විශ්වාස.

1 Comments Text
  • your destiny says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I am extremely inspired along with your writing abilities as well as with the structure to your blog. Is this a paid subject or did you customize it your self? Anyway keep up the nice quality writing, it is uncommon to peer a great blog like this one these days!
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top