• Home
  • දේශපාලන
  • ආණ්ඩුව කරන හොඳ දේට සහය දෙන අතර වැරදි දේ පෙන්වා දෙනවා.

ආණ්ඩුව කරන හොඳ දේට සහය දෙන අතර වැරදි දේ පෙන්වා දෙනවා.

Image

රජය කරන හොඳ දේට සහාය දෙන අතර වැරදි දේ පෙන්වා දෙන්න කට­යුතු කරන බව සජිත් ප්‍රේම­දාස මහතා මාධ්‍ය­වේ­දීන් හමුවේ කියා සිටි­යේය.

තමන් ඉදි­රි­ය­ටත් ජනතාවගේ සිතුම් පැතුම් අව­බෝධ කර­ගෙන ජනතා අභි­ලාෂ ප්‍රග­ති­ශීලි ආකා­ර­ය­ටත් රටේ ප්‍රශ්න විස­ඳෙන ආකා­ර­ය­ටත් කට­යුතු කරන බවත් රජය ජන­ව­රම ක්‍රියා­ත්මක කිරීමේ දී ජන­තා­වගේ පැත්තෙන් සුබ­වාදී සහ සහ­න­දායී ක්‍රියා ක්‍රියා­ත්මක කරන්න සහ­යෝ­ගය ලබා දෙන්න­ටත් එසේම යම් අඩු­පා­ඩු­වක් ඌන­තා­වක් රජ­යෙන් සිදු වුව­හොත් එය පෙන්වා දෙන්නත් කට­යුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය.

මේ කෙටි කාලයේ අඩු­පාඩු සිදුවූ තැන් වැර­දුණු තැන් සොයා බලන බවත් කණ්ඩා­ය­මක් ලෙස එක­මු­තුව සාමූ­හි­කව කට­යුතු කරන බවත් හෘද සාක්ෂි­යට අනුව දෙදහස් විස්ස පෙබ­ර­වාරි ආරම්භ වූ මේ පක්ෂ­යට ඉදිරි ගම­නක් ඇති බවත් සාමූ­හි­ක­ත්වය රැක­ගෙන නව ගම­නක් යන බවත් සජිත් ප්‍රේම­දාස මහතා තව­දු­ර­ටත් පැව­සීය. මැද කොළඹ මෙන්ම යාප­නය, කිලි­නොච්චි දිස්ත්‍රි­ක්ක­ව­ලත් සාම්ප්‍ර­දා­යික දේශ­පා­ල­නය පරා­ජ­යට පත් වුවත් ඉන් පාඩම් ඉගෙන ගෙන ඉදිරි ගම­නක් යන බවත් වැඩ­පි­ළි­වෙ­ළක් ලෙසත් කණ්ඩා­ය­මක් ලෙසත් බහු­ත­ර­ය­කගේ හිත දිනා ගන්න බැරි වූ බැවින් වැරදි අඩු­පාඩු මඟ­හ­රවා ගන්නා බවත් පක්ෂයේ දෙවැනි පෙළ හැදීම ජන­තා­වගේ කැමැත්ත බැවින් ජන­තා­වගේ කැමැ­ත්තට මුල්තැන දෙන බවත් සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top