ජපානය වැනි රටකට, අලි සම්පතක් හිටියානම් ජපන් ජාතිකයන් කොපමණ සතුටු වේ විද.අපේ රටේ මිනිසුන්ට වගේම රජයටත් කිසිම වටිනාකමක් නැත.දීග දන්තු, හස්ති රාජයාට. පන්සලක ඝන්ටා නාදයවත්. පන්සලක බන පදයක්වත්. නෑසෙන්නට ඇත.එවැනි පසුබිමක දීඝ දන්තු හස්ති රාජයා අධි බලැති විදුලු රැහැනකට ජීවිතය පූජා කර අපෙන් සදහටම සමු ගත්තා.අවුරුදු 200 ක් පමණ සුද්දට දන නැමූ අපේ රටේ ජනතාව ඉන්පසු අවුරුදු76ක් පුරා රදලයන්ට දන නමමින් සිටින අතර දීන ජනතාවක් ලෙස අනාගතයට මුහුන දෙමින් සිටී.අපේ රට බුදු දහමෙන් පෝෂනය වූවායැයි කීවත් ආපසු හැරී බලන කල පෝෂනය කුමක්ද.දීඝ දන්තු ඇතුලු සත්දන්ත හස්තීන් මේවනවිට හක්කපටස් වලට වෙඩි උන්ඩ වලට විදුලි රැහැන් වලට ගොදුරු කොට මරා දමා අවසානය.ඉතිහාසය පුරාම අපේ අය කරලා තියෙන්නේ කැලෑ පාලුකරමින් හොරට ගස් කපමින් ගජ මිතුරුකැලට වනසතුන් ජීවත් වන ඉඩකඩම් බෙදා වෙන් කොට ලබා දීමය.මෙය අලි මිනිස් ගැටුමට හේතුව එය නොවන්නේද.එය මනාව පැහැදිලිවන කරුනකි.වනසතුන් ජීවත් වන කැලෑබද ආශ්‍රිතව ජනපද වලට ඇතුලු වූ විට. දකින්න ලැබෙන්නේ අලි වැටවල් අතර කැලෑ එලි පෙහෙලි කරලා හදාගත් නිවෙස් හා විශාල වගාබිම්.මෙවැනි වටපිටාවක ඇහෙන්නේ දකින්නේ අධි බලැති විදුලි රැහැන් අලි වෙඩි හක්කපටස්.අනික් කරුන තමයි පසු ගිය ආන්ඩු කරන ලද ඊනියා සංවර්ධන ව්‍යාපෘති මෙවැනි හේතු කාරනා නිසා සංචාරක ආකර්ශනයක් දිනාගත් අපේ අලි සම්පත තම උපන් බිමේම අමානුෂික ලෙස මිය යාම දුක හිතෙන කතාවකි.
සරත් චන්ද්‍රරත්න.රත්මල්ල