ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට උපකරණ මිලදී ගැනීමට මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර අඩු පොලියක් යටතේ ණය මුදලක් ලබා දීමේ හැකියාව සොයා බලන්නැයි ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිලධාරීන්ට පැවසිය
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් ඉල්ලීම් 11ක් ඇතුළත් සංදේශයක් කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇමැතිවරයා වෙත ලබාදුන් අතර එම සංදේශයේ ඇතුළත් කරුණු පිළිබඳ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද සම්බන්ධ කර ගනිමින් ඇමැතිවරයා සාකච්චාවක නිරත වෙමින් කරුණු සොයා බැලීය. විශාල කැපකිරීම් සිදු කරමින් මාධ්‍ය වෘත්තියේ නියැළෙන ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ ගැටලු හඳුනාගෙන ඔවුන්ට වඩා සක්‍රියව මාධ්‍ය වෘත්තීයේ නියැළීමට අවශ්‍ය පහසුකම් සැලසීමටත්, එමෙන්ම සිය වෘත්තීය නිපුණතාව වර්ධනය කර ගැනීම සඳහා නේවාසික හා කෙටිකාලීන පුහුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමටත් තිරනය කරන බව හෙතම පැවසිය.