රජය විසින් පනවන ලද සහතික මිලට මිස වැඩියෙන් එක සහල් ඇටයක් හෝ විකිණීමට ඉඩක් නැති බවත් කෙටි කලකින් සහල් ගැටලුව නැති කරන බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
වර්තමානයේ පොදු ජනතාවට ඇති ගැටලු කිහිපයක් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ අතර ඒ පිළිබඳ සැබෑ තත්ත්වය සහ ඒවාට ඇති විසඳුම් පිළිබඳ ද ජනාධිපති පැවසිය.
ආණ්ඩුව බලයට පත් වී තවම ගතවී ඇත්තේ මාස දෙකක කාලයක් බවත් එම කාලය තුළ පියවරෙන් පියවර සංවර්ධනය ඉදිරි ක්‍රියාමාර්ග අනුගමනය කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කෙළේය.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර විවිධ අභූත චෝදනා සහ බිල්ලන් මැවූ බවත් ඒ සියල්ල ව්‍යාජයක් බවට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.
කුඩා ඇමැති මණ්ඩලයක් සහ නියෝජ්‍ය ඇමැතිවරු පිරිසක් පත් කොට ඔවුන්ගේ වියදම් හා වරප්‍රසාද අවම කර ඇති බවත් ජපානය, චීනය සහ ඉන්දියාව යන රටවල සහාය ලබාගෙන රට සංවර්ධනයේ දිශාවට රැගෙන යන බව ද ජනපතිවරයා අවධා