රැපියල් 10කින් පාන් රාත් තලක මිල අඩු කරන බවට බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර තිබෙි
පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩුවිමත් සමගම බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද අඩු කිරීමට බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ මහතා සමඟ පැවැති සාකචිචාවෙි දි කැමැත්ත ප්‍රකාශ කර තිබේ.
පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු වන අතර බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් දහයකින් අඩු කිරීම තුළ පාන් ගෙඩියක මිල අඩු කළ හැක්කේ රුපියල් තුනකින් බව ද ඔහු පැවසීය.
වසන්ත සමරසිංහ මහතා වසින් විසින් පාන් ගෙඩියක් රුපියල් දහයකින් අඩු කරන ලෙස කරන ලද ඉල්ලීම නිසාවෙන් පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් අඩු කිරීමට තම සංගමය තීරණය කළ බව ද ඔහු කියා සිටියේය.
නමුත් පිටි මිලට සාපේක්ෂව බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව පවසන සභාපතිවරයා පාන් මිල අඩු කිරීමෙන් ද බේකරි හිමියන්ට පාඩුවක් සිදු වන බව ද පැවසිය