ඊශ්‍රායලයේ ජනජීවිතය හොද අතට පත්වී ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාතිපති නිමල් බණ්ඩාර මහතා පවසයි. ජනතාව දෛනික කටයුතුවල සුපුරුදු පරිදි ගත කරන අතර නිවාඩුව ගතකිරීමට බොහෝ දෙනෙකු සංචාරක හෝටල්වල ගොස් තිබේ.
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ද තම දෛනික කටයුතු සුපුරුදු පරිදි කරගෙන යන බව පෙනෙන්නට ඇති බව ද වාර්තා වෙයි.
ඔවුන්ගේ කටයුතු පිළිබඳව කිසිඳු පැමිණිල්ලක් පසුගිය දින දෙකේ තානාපති කාර්යාලයට වාර්තා වී නොමැත.
ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වූ ඊශ්‍රායලයේ සේවය කරන ලද ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අද උදෑසන 08.00ට කටුනායක ගුවන් තොටුපලට පැමිනි බව වාර්ථාවෙි
ලංකාව බලා පිටත් විමට බලාපොරොත්තු වන
පිරිස 300ක් පමණ වන අතර දැනට ඔවුන් ගුවන් ටිකට් ලබා ගැනීමේ කටයුතුවල නිරිතවෙන බව වාර්ථාවෙි
කෙසේ වෙතත් අබුඩාබි හා ඩුබායි නගර හරහා ගුවන් යානා කීපයක් ඊශ්‍රායලය වෙත පැමිණියත් එම ගුවන් මාර්ගවල ඇති තදබදය හේතුවෙන් එම ගුවන් මාර්ගවල ගුවන් ටිකට් ලබා ගැනීම ඉතා අසීරු බව ගුවන් සමාගම් සදහන් කරයි.
ජුනි මස 30 වන විට මේ මාර්ගවල ගුවන් යානා තැවත යථා තත්ත්වයට පත්වීමට ඉඩ ඇති බව වාර්තා වෙි