විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා අවදාරනයෙන් පවසා සිටින්නේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දේශපාලන පාපන්දුවක් කර නොරවටන ලෙසත් ඔවුන්ගේ ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් දෙන ලෙස .
එහිදී ඒ මහතා මෙසේ ද පැවසුවේය.
“අප රටේ ආර්ථික වර්ධනයට නිෂ්පාදන හා සේවා ශක්තිය නිර්මාණය කර සෞභාග්‍යය නිර්මාණය කරන්නට විශාලම දායකත්වයක් ලබා දෙන්නේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන්. මේ ක්ෂේත්‍රය රටේ දළ දේශීය නිෂ්පාදිතයට 50%කට වැඩි දායකත්වයක් දෙමින් ලක්ෂ 40කට ආසන්න පිරිසකට රැකියා සපයනවා. පසුගිය කාලයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ බංකොලොත්භාවය යන ත්‍රිත්ව ඛේදවාචක නිසා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් කඩා වැටුණා. රජයේ සංඛ්‍යාලේඛන අනුව 2022 වන විට මෙවැනි කර්මාන්ත 263,000ක් කඩා වැටී ඇති මොහොතක සමගි ජන බලවේගය මුල සිටම මෙම කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන්ට රජයේ ඍජු මැදිහත්වීමඅවශ්ය නිතර නිතර පෙන්වා දුන්