• Home
  • සෞඛ්‍ය
  • දුදරුවන්ට හිතකර නොවන භාණ්ඩ වෙ‍ෙළඳපොළට නිකුත්වීම වළක්වන්න තිරන ගන්නවා

දුදරුවන්ට හිතකර නොවන භාණ්ඩ වෙ‍ෙළඳපොළට නිකුත්වීම වළක්වන්න තිරන ගන්නවා

Image

දරුවන්ට අහිතකර භාන්ඩ නිකුත්වීම වැළැක්වීමට පියවර ගන්නා බව ඇමැති වසන්ත සමරසිංහ මහතා පැවසිය

මේ සම්බන්ධයෙන් නිර්දේශ නිකුත් කිරීම සඳහා කමිටුවක් පත්කර ඇති අතර ඉදිරි මාස දෙක ඇතුළත එම කමිටු වාර්තාව නිකුත් කරන බවත් ඉන්පසුව කඩිනමින් කමිටු නිර්දේශ ක්‍රියාත්මක කර දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම පියවර ගන්නවා. දරුවන්ගේ භාවිතයට නුසුදුසු දේ වෙ‍ෙළඳපොළට එනවනම් ඒ වළක්වනවා. අතදරුවන්ට දෙන කිරි බෝතලේ කිරි තියෙන බව විතරයි පොඩි දරුවට දැනෙන්නෙ. හැබැයි පොවන්නෙ කිරි විතරමද කියන කාරණය අපිට දැනගන්න පුළුවන්. උණු උණුවේ බත් බෙදපු කෑම පෙට්ටි අපේ දරුවෝ පාසලට අරන් යනවා. ඒකෙන් දරුවන්ට සිදුවෙන බලපෑම ගැන බරපතළ සොයාගැනීම් ලෝකෙ තියෙනවා.

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට පනතෙන් හිමිවෙලා තියෙන වගකීම් අනුවත්, සංශෝධන අවශ්‍ය නම් සංශෝධන කරගෙන දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගන්න පසුබට වන්නේ නැති බව පැවසිය .

විදේශක සිට යම් භාණ්ඩයක් වෙ‍ෙළඳපළටහදුනා දෙනවානම් ගුණාත්මක තත්ත්වය සහිත භාණ්ඩ ගෙන්වන්න. භාණ්ඩයක් නිෂ්පාදනය කරනවානම් දරුවන්ට ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය කර රටෙි දරු පරපුර රැකගන්න මානුෂික වන්න යැයි පැවසිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top