• Home
  • වෙනත්
  • ­මා­ධ්‍ය­වේ­දීන්ගේ අනාගතඅභි­වෘ­ද්ධි­යට අය-වැයෙන් මිලි­යන 100ක්

­මා­ධ්‍ය­වේ­දීන්ගේ අනාගතඅභි­වෘ­ද්ධි­යට අය-වැයෙන් මිලි­යන 100ක්

Image

-ඇමැති නලින්ද ජය­තිස්ස

වස­රේදී ශිෂ්‍යත්ව සඳහා රුපි­යල් මිලි­යන 54 කුත් තාක්ෂ­ණික ප්‍රවේශ සඳහා රුපි­යල් මිලි­යන 50 කුත් ලෙස මුදල් වෙන් කර ඇතැයි ද ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

ජාතික ජන බල­වේ­ගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ලාල් ප්‍රේම­නාත් මහතා වාචි­කව ඇසූ ප්‍රශ්න­යට පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා මේ බව පවසා සිටියේය

තාක්ෂ­ණික ප්‍රවේ­ශය සඳහා වෙන් කර ඇති මුද­ලින් මාධ්‍ය­වේ­දීන්ගේ ධාරිතා සංව­ර්ධ­නය සඳහා යෙද­වී­මට පිය­වර ගන්නා බව ද ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය. මෙරට ක්‍රියා­කාරී ප්‍රාදේ­ශීය මාධ්‍ය­වේ­දීන් සහ වාර්තා­ක­රු­වන් සංඛ්‍යාව 2025 දෙසැ­ම්බර් 31 වැනිදා වන විට 876 ක් බවත් මාධ්‍ය හැඳු­නු­ම්පත් ලබා ගත නොහැකි වූ අයට නැවත අය­දුම් කර හැඳු­නු­ම්පත ලබා ගත හැකි බවත් ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

ප්‍රාදේ­ශීය මාධ්‍ය­වේ­දීන්ට ගෙවන ගෙවීම් ඇතැම් මාධ්‍ය ආය­ත­න­ව­ලින් ප්‍රමාද කරන බවට වාර්තා වන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍ය­ක්ෂ­ව­රයා විසින් අදාළ ගෙවීම් මාධ්‍ය­වේ­දීන්ට ගෙවන ලෙසට දැනුම් දී ඇති බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top