බස් ගාස්තු 12.19%කින් ඉහලට

Image

-අවම ගාස්තුව රු.30දක්වා

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්ඊයේ(23)රැස්වු කැබිනටි මණ්ඩල හමුවේදි බස් ගාස්තු සියයට 12.19 කින් ඉහල දැමිමට තිරණයකර තිබෙි .

ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ නැංවෙන අතර දැනට පව­තින රුපි­යල් 27 අවම ගාස්තු රුපි­යල් 30ක් දක්වා ඉහළ යන බව කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සු­වේය.

අව­සන් ගාස්තුව ලෙස පව­තින රුපි­යල් 2159ක ගාස්තුව රුපි­යල් 2422 දක්වා රුපි­යල් 263 කින් මේ අනුව ඉහළ යනු ඇත.

මගී­න්ගෙන් නිය­මිත බස් ගාස්තුව පම­ණක් අය­ක­රන ලෙස ශ්‍රී ලංගම සහ පෞද්ග­ලික බස්රථ ධාව­ක­යන් වෙත දැනුම් දෙන අතර, නිය­මිත ගාස්තු­වට වඩා වැඩි­යෙන් බස් ගාස්තු අය­ක­රන අය­ව­ළුන් සම්බ­න්ධ­යෙන් නීත්‍ය­නු­කූල ක්‍රියා­මාර්ග ගන්නා බවද ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභාව දැනුම් දෙයි.

නිය­මිත බස් ගාස්තු­වට වඩා වැඩි­යෙන් බස් ගාස්තු අය කළ­හොත් ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභාවේ 1955 ක්ෂණික දුර­ක­ථන අංක­යට හෝ 0712595555 යන වට්ස්ඇප් අංක­යට පැමි­ණිලි ඉදි­රි­පත් කරන ලෙස ද ගම­නා­ග­මන කොමි­ෂන් සභාව ජන­තා­ව­ දැනුවත් කරතිබෙි.

ඡායාරුපය අන්තර් ජාලයෙන්

1 Comments Text
  • Alex4174 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Drive sales and watch your affiliate earnings soar!
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top