යල සහ මහ දෙකන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 5 ඉක්මවනු ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ, මහාචාර්ය ඒ. එල්. සන්ධික මහතා පවසයි. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා සඳහන් කරන්නේ වී ගොවියා වෙනුවෙන් රජය මෙවර රු. මිලියන 46,000කට ආසන්න මුදලක් (කෝටි 4,600ක්) වියදම් කර ඇති බවයි.රජය වී අලෙවි මණ්ඩලය මඟින් වී මිල දී ගැනීමට රු. මිලියන 6,000ක්, ඔඩපණ ණය ක්‍රමය යටතේ වී මිල දී ගැනීමට රු. මිලියන 10,000ක්, දිට්වා වගා හානි පූර්ණය සඳහා රු. මිලියන 8,866ක්, වැව් අමුණු, ඇළ මාර්ග ප්රතිසංස්කරණය සඳහා රු. මිලියන 5,788ක්, පොහොර සහනාධාරය සඳහා රු. මිලියන 13,492ක් සහ එම සහනාධාරය නිශ්චිත මිලට ලබාදීම සඳහා තවත් අමතර රු. මිලියන 1,840ක් එම කෝටි 4,600ට ඇතුලත් බව රණතුංග මහතා සඳහන් කරයි.මෙතෙක් හෙක්ටයාරයකට රු. 25,000 බැගින් වාරික දෙකකින් ගෙවනු ලැබේ.
රජයෙන් රුපියල් කෝටි 4600 ක් ගොවියාට– වී මිලදී ගැනීම ඇරඹේ

Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
https://shorturl.fm/XUr8Y
Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
https://shorturl.fm/sBxc1






