• Home
  • Uncategorized
  • මාරක රිය අන­තුරු 2583ක් සිදුව තිබෙ­නවා2025වසරේ

මාරක රිය අන­තුරු 2583ක් සිදුව තිබෙ­නවා2025වසරේ

මාර්ග අන­තුරු නිසා නැති­වන සෑම ජීවි­ත­යක්ම වළක්වා ගන්න පුළු­වන් සංවි­ධා­නා­ත්මක මැදි­හ­ත්වී­ම­කින්. මාර්ග අන­තු­රු­වල ප්‍රව­ණ­තා­වක් තිබෙ­නවා. මාරක රිය අන­තුරු 2025 දී 2583ක් පමණ සිදුව තිබෙ­නවා. බර­ප­තළ ලෙස හානිය අව­ම­කර ගන්න හැකිව තිබෙන නමුත් 2025දී අලා­භ­හානි 1516ක් පමණ සිදුව තිබෙ­නවා. 2024 වසරේ දී රිය අන­තුරු 25,299ක් වෙනවා. 2025 වසරේදී 20,353ක් පමණ සිදුව තිබෙ­නවා. මාරක රිය අන­තු­රු­ව­ලට ගොදුරු වන්නේ පදි­ක­යන්. 815ක් 2025 වසරේදී මිය­ගොස් තිබෙ­නවා. යතු­රු­පැදි ද විශාල ලෙස අන­තු­රට ලක්ව තිබෙ­නවා. මේවා සඳහා සැල­සුම් සකස් කළ ­යුතු වෙනවා. මාර්ග­වල සිදු­වන අන­තුරු අපි දකි­නවා. නමුත් දුම්රියේ ගැටීම නිසා කොත­රම් අන­තුරු සිදු­වෙ­නවා ද කියා අපි බලන්නේ නැහැ. දුම්රිය ගැටීම නිසා මිනිස්සු 208ක් 2021දී මිය­ගොස් තිබෙ­නවා. 2025 වස­රේදී 374ක් සිදුව තිබෙ­නවා. එත­නත් වැඩි ප්‍රමා­ණ­යක් ජීවිත හානි සිදුව තිබෙ­නවා.

දුම්රියේ ගැටීම නිසා වාහ­න­ව­ලට හානි සිදු­වීම් 2025 වස­රේදී 75ක් වෙනවා. 2025 වස­රේදී දුම්රියේ ගැටීම නිසා අලින් 14ක් මිය­ගොස් තිබෙ­නවා. 8ක් තුවාල ලබා තිබෙ­නවා. මෙය වළක්වා ගන්න රජය පැත්තෙන් අප මැදිහත්වෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top