• Home
  • දේශපාලන
  • මන්ත්‍රින්ට සමාජ ආර­ක්ෂ­ණය වෙනු­වෙන් විශ්‍රාම වැටු­පක් ලැබිය යුතුයි

මන්ත්‍රින්ට සමාජ ආර­ක්ෂ­ණය වෙනු­වෙන් විශ්‍රාම වැටු­පක් ලැබිය යුතුයි

Image

පලාත් සභා මැති­ව­ර­ණය පව­ත්වන්න කියා ඉල්ල­නවා. උප්පරවැට්ටි නොදා මැති­ව­ර­ණය පව­ත්වන්නේ නැත්තේ ඇයි. සිය­යට 65ක් තිබෙ­නවා නම් මැති­ව­ර­ණය පව­ත්වන්න. පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ට විශ්‍රාම වැටු­පක් ලැබිය යුතුයි කියා අපි විශ්වාස කර­නවා. ලෝකයේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී රට­වල විශ්‍රාම වැටු­පක් මහ­ජන නියෝ­ජි­ත­යන්ට ලබා­දෙන්නේ හේතු­වක් නිසායි. අල්ලස හා දූෂ­ණය තුරන් කර­න්නයි. තමන්ගේ කාල­යෙන් පසුව සමාජ ආර­ක්ෂ­ණ­යක් ලබා­දෙ­න්නයි කට­යුතු කරන්නේ. විශ්‍රාම ගිය ගුරු­ව­රුන්ට වැටුප් ගැල­පී­මක් නැහැ. ජනා­ධි­ප­ති­ව­රයා මේ සම්බ­න්ධ­යෙන් ආම­න්ත්‍ර­ණය කළා. මේ ගැටලු විස­ඳ­නවා කිවුවා. නමුත් ගුරු – විදු­හ­ල්පති වැටුප් ගැට­ලු­වට මේ දක්වා විස­ඳු­මක් ලබාදී නැහැ. වැටුප් වැඩි­වී­මක් කළත් 2020 – 2024 අතර විශ්‍රාම ගිය 154000ට කිසිදු සහ­න­යක් ලැබී නැහැ. ඒ විශ්‍රා­මි­ක­යන්ට සාධා­ර­ණ­යක් ඉටු­කළ යුතු වෙනවා.

10000 වැටුප් වැඩි­කි­රීම සාධා­රණ විදියට ක්‍රියා­ත්මක විය­යුතු වෙනවා. විශ්‍රා­මි­ක­යන්ට සිදුවෙමින් පවතින අසාධාරනය අසා­ධා­ර­ණය නිවැ­රදි විය­යුතු වෙනවා. මන්ත්‍රී­ව­රුන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රියා­ත්මක විය­යුතු වෙනවා. ඒ වගේම මේ රටේ 750000ක විශ්‍රා­මි­ක­යන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුවට විසදුමක් දෙන්න කියා ඉල්ලා සිටිනවා

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

<label for="comment">Comment's</label>

Scroll to Top