• Home
  • සාහිත්‍යය
  • තමන්ගේ හදවත තුළ දයාව, කරුණාව සහ ප්‍රඥාව ආලෝකවත් කරගැනීමට මෙවර වෙසක් දින ප්‍රර්ථනා කර ගනිමු අගමැති

තමන්ගේ හදවත තුළ දයාව, කරුණාව සහ ප්‍රඥාව ආලෝකවත් කරගැනීමට මෙවර වෙසක් දින ප්‍රර්ථනා කර ගනිමු අගමැති

Image

ගෙෘතම බුදුන්ගේ ශ්‍රී සද්ධර්මයට අනුව අපගේ ජිවිතයේ ආනාගතය දකින්න ප්‍රයත්නදරමු ආස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙන අර්ථවත් වෙසක් මංගල්‍යයක් වේවායි මම ලක්වාසී සැමට ප්‍රාර්ථනා කරන බව සතුටින් දන්වමු.

ලෝභ, ද්වේෂ, මෝහ අකුසල දුරු කරමින්, සාමය හා සැනසීම උදා කරගන්නා වූ පින්බර කාලසීමාවක් බවට මෙය පත් කරගනිමු යැයි ද ඇය සිය පණිවිඩයේ සඳහන් කර තිබේ.

“අභිත්ථරෙථ කල්‍යාණේ” – පොදු යහපත පිණිස වහ වහා පෙළගැසෙමු. මෙවර රාජ්‍ය වෙසක් තේමාව කාලීන සමාජ අවශ්‍යතාව මැනවින් නිරූපණය කරන්නකි. පෞද්ගලික පටු අරමුණුවලින් බැහැරව, පොදු යහපත උදෙසා කැපවෙන, ධර්මයේ බැබළෙන දේශයක් උදා කරගැනීමට මෙම වෙසක් මංගල්‍යය අපට ආශීර්වාදයක් හා ශක්තියක් විය යුතුයැයිද එහි දැක්වා තිබේ.

රජය හා බුදුදහම අතර පවතින ගැඹුරු බැඳීමෙන්, දැහැමි පාලනයක් ඔස්සේ රටේ දියුණුව සහ සෞභාග්‍යය උදාකර ගත හැකිය. කුල, මල හෝ ආගම් භේදයකින් තොරව සැමට සාධාරණය ඉටුවන, ‘සියලු සත්වයෝ සුවපත් වෙත්වා’ උදාර සංකල්පය මත පිහිටා රටක් ලෙස අප මුහුණ දෙන ආර්ථික හා සමාජීය අභියෝග ජයගැනීමට අවශ්‍ය ඉවසීම පුරුදු කිරීම මෙහිදී අත්‍යවශ්‍ය බව ද ඇය අවධාරණය කර තිබේ.

අන්තගාමීත්වය බැහැර කොට මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරමින්, සොබාදහමට හිතැති, පරිසර හිතකාමී වෙසක් සැමරුමකට එක්වන ලෙස ඇය සිය වෙසක් පණිවිඩය මඟින් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top