• Home
  • දේශපාලන
  • රනිල් හැදූ ණය ප්‍රතිව්‍යුහගතකරණ උගුලේ ආණ්ඩුව වැටෙන්න එපා -දුමින්ද නාගමුව

රනිල් හැදූ ණය ප්‍රතිව්‍යුහගතකරණ උගුලේ ආණ්ඩුව වැටෙන්න එපා -දුමින්ද නාගමුව

Image

රනිල් වික්‍රමසිංහ මහතා කර ඇත්තේ උගුලක් ඇටවීම බවත් එම උගුලේ නොවැටෙන ලෙස ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් සහ ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව මහතා ඊයේ (18දා) පැවසීය. එම පාරේම ගියොත් උගුලේ වැටෙන්නේ මාලිමා රජය පමණක් නොව මුළු ශ්‍රී ලංකාවම යයිද සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ කරුණු පැවසීය.

නාගමුව මහතා මෙසේද කීවේය.

රනිල් විශේෂ ප්‍රකාශයක් කරමින් කිව්වේ “මම ණය ප්‍රතිව්‍යුහගතකරණය කළා ආණ්ඩුව දැන් ඒ පාරෙම යන්න” කියලයි. රනිල් කළයි කියන ඒ ප්‍රතිව්‍යුහගතකරණය ඇත්තටම 2028දී පිපිරීමට නියමිත කාල බෝම්බයක්. ලංකාවෙ ණය කපා හැරීමක් හෝ පොලිය කපා හැරීමක් වෙලා නෑ. කාලය විතරක් දික් කරල දීල. ඒකට ණයයි පොලියයි වැඩිපුර ගෙවන්න වෙලා. දඩ පොලියක් ගෙවන්න වෙලා.

ණය හිමියන් ඔවුන්ට වාසිදායක ලෙස ගිවිසුමක් හදලා ඒකට ශ්‍රී ලංකාව කැමති කරගෙනයි තියෙන්නේ. ඒ ගිවිසුමට එකඟ වීමේ ගාස්තුව ලෙස ඩොලර් මිලියන 225ක් ශ්‍රී ලංකාව ගෙවන්න ඕන. ඒ කියන්නේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල මුළු වටිනාකමෙන් සියයට එකයි දශම අටක්.

පසුගිය දවස්වල ඝානාවලත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කළා. ඔවුන් ගිවිසුමට එකඟ වීමේ ගාස්තුව ලෙස ගෙව්වේ සීයට එකයි. නමුත් ශ්‍රී ලංකාවට සියයට එකයි දශම අටක් ගෙවනවා. ඒ වගේම ඝානාව ඩොලර් බිලියන 13 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් සියයට 37 ක් කපාහැර ගන්න සමත් වුණා. නමුත් ශ්‍රී ලංකාව කපාගන්න හදන්නේ ඩොලර් බිලියන 12.5 කින් සියයට 15ක් වැනි ප්‍රමාණයක් .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top