ඇමතිවරයා මෙි බව කියා සිටියේ සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් පසු සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා සිදු කරමින් එම වෘත්තිකයින් මුහුණ දෙන වෘත්තීය ගැටළු පිළිබදව විමසා බැලීමේ සහ සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය උදෙසා වෘත්තීය සමිති සතු අදහස්, යෝජනා හා දායකත්වය ලබාගැනීමේ සාකච්ඡාමය වැඩසටහන අතරතුරදීය.
වෘත්තීය සමිති නියෝජිතයින් ඉදිරිපත් කරන ලද බොහොමයක් ගැටලු සහ යෝජනාවන් ඉතා සාධාරණ බව පැවසු ඇමැතිවරයා එම ගැටලුවලට , සාධාරණ විසඳුම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවද පැවසීය.
සෞඛ්‍ය සේවාවේ නිරත විශේෂඥ වෛද්‍යවරයාගේ සිට පහළම සේවක මහතා දක්වා සියලුම කාර්ය මණ්ඩල සේවාවට එහා ගිය මානුෂීය කාර්යක් ඉටු කරන බවද, එම විශිෂ්ට සේවාව නිසා වර්තමානය වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරන සුබවාදී අපේක්ෂිත ඉලක්කයන් කරා ළඟාවීමට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට හැකියාව ලැබී තිබෙන බවද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ගුණාත්මක, ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාවට ලබාදීම සඳහා වත්මන් රජය ගෙන යනු ලබන නව වැඩපිළිවෙළට සියලුම වෘත්තීය සමිතිවල සහය නිබඳව ලබාදෙන ලෙස මෙහිදී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෘත්තීය සමිති වෙතින් විශේෂ ඉල්ලීමක් කළේය. ඇමැතිවරයාගේ ඉල්ලීමට අනුව අවශ්‍ය උපරිම සහාය ක ලබාදෙන බව වෘත්තීය සමිති නියෝජිතයින් මෙහිදී පවසා සිටියේය