පසුගියදා ඇති වූ ගංවතුරෙන් විනාශ වූ කුඹුරු ඉඩම් ප්‍රමාණයට වන්දි ගෙවීම සඳහා දළ වශයෙන් රුපියල් කෝටි 180ක් වැය වනු ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
, කුඹුරු වගා බිම් 200,804ක් පැවැති ගංවතුරෙන් විනාශ වූ බව එම මණ්ඩලයට දැනුම් දී ඇත.
ගොවීන්ට සිදුවූ වගා හානි තක්සේරු කර වන්දි මුදල් නිශ්චය කිරීම සඳහා ප්‍රාදේශීය වගා හානි තක්සේරු කමිටු පත් කර ඇත.
ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා කමිටුවේ සභාපතිත්වය දරන අතර, ප්‍රදේශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරි, කෘෂිකර්ම උපදේශක, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි, ග්‍රාම නිලධාරි/ මහවැලි ඒකක කළමනාකරු සහ ගොවි සංවිධානයේ බලයලත් නියෝජිතයකුගෙන් මෙම කමිටුව සමන්විත වෙයි. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහආරච්චි මහතා පැවැසුවේ ගොවීන් විසින් තම වගා හානි පිළිබඳ තොරතුරු සම්පූර්ණ කර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබාදෙන වගා හානි දැනුම් දීමේ අයැදුම්පත්වලට අදාළ හානි තක්සේරු කර, වන්දි මුදල් නිශ්චය කිරීමට එම අයැදුම්පත් ප්‍රාදේශීය වගා හානි තක්සේරු කමිටුවලට ඉදිරිපත් කරන බවයි. එම වගා හානි තක්සේරු කිරීමෙන් පසු ප්‍රාදේශීය ලේකම් විසින් පොදු ලිපියක් සමඟ යොමු කරනු ලබන වන්දි අයැදුම්පත්, වන්දි මුදල් ගණනය කිරීම සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල වෙත ඉදිරිපත් කිරීම අදාළ ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරින් විසින් සිදු කෙරෙන බව ද සභාපතිවරයා කීය.