ඉන්දිය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුව මාධ්‍ය වාර්තා කරන්නේ පලල් සංස්කෘතිමය හා ශිෂ්ටාචාර සබදතාවලින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඉතිහාසයේ සමීපතා තිබුනා යැයි තහවුරු කරමිනි. ඒ නිසාම වෙන්න ඇති මෝදි අනුරගේ කරට අත දාගෙන ආදරයෙන් තුරුලු කර ගෙන ගමන් ගන්නා චායා රූපයක් දක්නට ලැබුනේ. තාත්තා පුතාව .ආදරයෙන් කැන්දාගෙන යනවා මෙනි. ඇත්තෙන්ම මෙය හදවතින් නැගුනු ආදරයක්ද ඒසේ නැතිනම් දිගු කාලීන අදිරාජ්‍ය වාදී උපායක නිර්මාණයක් ද? කෙසේ හෝ වේවා දෙරට අතර සංහිදියාව සාමය ගොඩ නැගී ශ්‍රී ලංකාවට තිරසාර සංවර්දනයක් ගොඩ නැගීම උදෙසා ඉන්දියාවේ සහයෝගය ලැබෙනවානම් හොදය. අනගාරික ධර්මපාලතුමා අපේ බෞද්ධ උරුමය ලබා ගැනීම උදෙසා ඉන්දියාව සමග කාලාන්තරයක් නඩුහබවල පැටලුනේය. ජ.වි.පෙ පන්ති පහ ඉගෙන ගැනීමේදී ඉන්දියානු ව්‍යාප්ත වාදය පිළිබඳ විග්‍රහයක්ද ඉතිහාස ගතව ඇත. ඉන්දීයන් හමුදාව ලංකාවට ගෙන්වාගැනීමේ දී ඊට විරුද්ධව දේශප්‍රෙිමී සන්නද්ධ හමුදාවක්ද නිර්මාණය විය. ඒ් හරහා තරුණ ඝාතනයන් සිදුවී අළුදූවිලි බවට පත්වුන බව ඒවකට ජ.වි.පෙ කියවාගැණීමෙන් තහවුරුකරගත හැක. වත්මන් ජ.වි.පෙ ට භීෂණයේ ඒවැනි අත්දැකීම් නොතිබුන නමුත් ඉතිහාසය ඔවුන් හොදින් කියවාගනිමින් වර්තමානයට අනුගත වීම සඳහා උත්සාහකරණ බවක් පෙනීයයි . මේ වන විට ජ.වි.පෙ මැද මාවතක ගමන් කරණ බවක් දක්නට ලැබේ. මාක්ස් වාදයෙන් ඔබ්බට ගොස් බලන විට මාලිමාවේ , අප කන්ඩායම උගත්කමින් පරිපූර්ණ උදවිය බවත්, දියවන්නාවට යන්නේ උගත් පිරිසක් බවත් ,ආඩම්බරයෙන් පැවසුවත්, ඒ උවමනාව ඇතුලේ මනුෂ්‍යත්වයට මූලිකත්වය නො දෙන්නේනම් ඉතිහාසයේ සහෝදර වරු ,පලමුව මවුබිම දෙවනුව උපාදිය, පළමුව මවුබිම දෙවනුව පාසල යන සටන් පාඨය තුරුළුකරගෙන ටයර් සෑයේ දැවුන සහෝදරත්වයට කරණ අගෞරවයකි.
සරත් චන්රද්‍රත්න,රත්මල්ල