ජේසු උපත සමරන නත්තල

Image

අසල් වැසියාට ප්‍රෙම කරමින් ලො වට සාමය පණිවිඩය ලෝකයට ගෙන ගිය ගෙන යේසුගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල් දිනය අදට (25) යෙදී තිබේ. දේව මෙහෙයන් හා රතිඤ්ඤා හඬ මැද ඊයේ (24) මැදියම් රැයෙන් අසිරිමත් නත්තල උදාවිය. කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මූලිකත්වයෙන් මෙවර ජා-ඇළ වික්ෂෝප මාතා දෙව් මැඳුරේදී මධ්‍යම රාත්‍රී ප්‍රධාන නත්තල් දේවමෙහෙය පැවැත්විණි.

බෙත්ලෙහෙමේ ගවලෙනක උපත ලැබූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුවිශේෂ උපත සැමරීම වෙනුවෙන් නත්තල් උත්සවය පවත්වන අතර නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්විණි.

නත්තලේ අසිරිය විදාපහමින් කොළඹ අවට සහ කොළඹ වරාය නත්තල් අසිරියෙන් හැඩවී ඇති ආකාරය දැකගත හැකි වීම ද විශේෂත්වයකි

වසර 2024කට පෙර දිනෙක බෙත්ලෙහෙම් අහස් කුසේ දීප්තිමත් තාරකාවක් පායා තිබුණේ ලොවට බිහිවන ගැලවුම්කරුවාණන් පිළිබඳ සුබ පෙරනිමිති පහළ කරමිනි. ලෝවැසියන් පාපයෙන් මුදා ගැනීමට උපන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, සියල්ලන් දුකින් මුදා ගැනීම සඳහා දුක්ගැහට විදමින් ජිවිකය කැැපකලේය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top