ජනවාරි මුල සිට පාසල් අභ්‍යාස පොත් සහ ලිපිද්‍රව්‍ය දැරිය හැකි මිලකට වෙළෙඳපොළට ලබා දෙන බට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
වාලච්චේන කඩදාසි කම්හල පරික්ෂා කරමින් (25) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වාලච්චේන කඩදාසි කම්හල මඟින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රමුඛ ව්‍යාපෘති ලෙස රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ඉවතලන කඩදාසි ලබාගෙන ප්‍රතිචක්‍රීකරණය කිරීමත් පාසල් අභ්‍යාස පොත් සහ ලිපි ද්‍රව්‍ය දැරිය හැකි මිලකට වෙළෙඳපොළට මුදාහැරීමත් හැඳින්විය හැකිය.
අවුරැදු ගණනාවක් පුරාවට සීමාසහිත ජාතික කඩදාසි සංස්ථාව අභාවයට යමින් තිබූ ආකාරය සිය නිරීක්ෂණ චාරිකාවේදී දක්නට ලැබුණු අතර මෙතෙක් පැවති අඩුපාඩු පසෙකලා නව ජවයකින් කටයුතු කිරීමට නව කාර්යමණ්ඩලය උත්සාහ කරමින් සිටින බව ද අමාත්‍යවරයා පවැසිය