ශ්‍රී පාද වන්දනාකරුවන් ගේ වාහන මස්කෙලිය සිට නල්ලතන්නිය දක්වා ධාවනය කරන මගී ප්‍රවාහන නල්ලතන්නිය පොලිස් නිලධාරීන් විසින් ඊයේ (03) හදිසියේ පරීක්ෂවට ලක්වුනි
ඒසේ වුයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට හේතුකොටගෙනය
වාහනවල මගීන්ට අනතුරු සිදුවිය හැකි අන්තරාදායක ලෙස සවි කර තිබූ අමතර කොටස් ගලවා ඉවත් කිරීමටත්, අත් තිරිංග, සංඥා ලාම්පු, ප්‍රධාන ලාම්පු ඇතුළු මෝටර් රථ ආඥා පනතේ වාහනයක් ධාවනය කිරීමට පනවා ඇති කරුණු 21ක් කෙරෙහි මෙහිදී අවධානයට ලක් කෙරුණි.
අඩුපාඩුකම් සහිත වාහන රැසක් පොලිස් පරික්ෂවෙවෙන් පසු අඩුපාඩුකම් සපුරා ගැනීමට රියදුරන්ට දින 14ක කාලයක් ලබාිමට උපදෙස් දුනි.
එම කාලය අතරතුරු එම වාහනය ධාවන කිරීම තහනම් කරමින් වාහනවල ආදායම් බලපත්‍රය පොලිස් භාරයට පත් කරගන්නාලදි