ඉංදියාව විසින් පකිස්ථානයට ඒල්ල කරන ප්‍රහාර හමුවෙි පකිස්ථානය ප්‍රතිප්‍රහාර ඒල්ල කරිමට සුදානමි බව වාර්ථාවෙි මෙම මෙහෙයුම නම්කර ඇත්තේ ඔපරේෂන් බුන්යාන් මර්සූස් ලෙසයි.
පකිස්ථානය එල්ල කරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර සියල්ල ව්‍යාර්ථ කල බව ඉන්දියා හමුදාව ප්‍රකාශ කර තිබේ. ඉන්දියාව මිසයිල භාවිතා කරමින් පකිස්ථානයේ ගුවන් කඳවුරු කිපයකට පහර දුන් බවට චෝදනා කරමින් ඔපරේෂන් බුන්යාන් මර්සූස් දියත් කල බව පකිස්තාන හමුදාව සදහන් කර ඇත.
අලුයම් කාලයේදී ඉන්දියාව එල්ල කරනලදැයි පැවසෙන බොහෝ මිසයිල සිය ගුවන් ආරක්ෂක පද්දති මගින් විනාශ කර ඇති බව පකිස්තාන බලධාරීන් අවධාරණයකර තිබේ.
පකිස්ථානය විසින් ආරමිභ කරන ලද ඔපරේෂන් බුන්යානුන් මාර්සූස් මගින් ඉන්දියාවේ හමුදා ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කර ඇති බව එරට හමුදාව පවසයි. ඉන්දියානු බ්‍රහ්මෝස් මිසයිල ගබඩා සංකීර්ණයටත්, පතන්කොට් ගුවන් තොටුපළ සහ උදම්පූර් ගුවන් හමුදා කඳවුරටත් පහර දුන් බව පකිස්තාන හමුදාව නිවේදන කොට තිබේ.
එමෙන්ම නවීන එස් 400 ගුවන් ආරක්ෂක පද්ධති කිහිපයක් විනාශ කිරීමට හැකිවූ බවත් ඉන්දියාවේ ප්‍රධාන වෙබ් අඩවි කිහිපයකටත් සයිබර් ප්‍රහාර එල්ල කර බවත් පකිස්ථානය සදහන්වේ.
උග්‍රවන ඉන්දියානු පකිස්තාන අර්බුදය හේතුවෙන් පකිස්ථාන ගුවන් තොටුපළ අධිකාරිය රටේ ගුවන් කලාපය සියලුම ගුවන් ගමනාගමනය තාවකාලිකව වසා දැමූ බවට වාර්තා වේ.
ඡියාරුපය අන්තර්ජාලයෙන් ලබා ගත්තා