• Home
  • කලා
  • ෂාරුක් ශ්‍රී ලංකා සංචාරයට නියමිත බව ප්‍රකාශකරයි

ෂාරුක් ශ්‍රී ලංකා සංචාරයට නියමිත බව ප්‍රකාශකරයි

Image

සුපිරි නළු ෂාරුක් ඛාන් මෙරටට පැමිණීමට නියමිත බව ප්‍රකාශයට පත්කර තිබේ.

අගෝස්තු 02 වැනිදා පැවැත්වෙන ‘City of Dreams Sri Lanka’ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් හෙතම සහභාගීවීමට නියමිතය.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් හි සුවිශේෂී ව්‍යාපෘතියක් වන ‘City of Dreams Sri Lanka’ ව්‍යාපෘතිය සියලු පහසුකම්වලින් සමන්විත දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙන්ම පෞද්ගලික අංශය විසින් සිදුකරනු ලබන විශාලතම ආයෝජනය ලෙසද සැලකේ.

”සූදානම් වන්න, දකුණු ආසියාව! බොලිවුඩයේ අසහාය රජු, ෂාරුක් ඛාන්, 2025 අගෝස්තු 2 වන දින, අපේක්‍ෂා කරන ලද City of Dreams Sri Lanka විවෘත කිරීමේ උත්සවයට විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙන බව ප්‍රකාශ කර ඇත..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top