වෙසක් පෝය මුල්කරගෙන ශ්‍රී පාද උඩමළුවේ පෙරේදා (30) අලුයම සිට පින්කම් රැසක් පැවැත්වීමට ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, පැල්මඬුලු දාගැබ් රජමහා විහාරාධීශ්වර, ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය, ආචාර්ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියෝ පියවර ගත්හ. ඒ අනුව පෙරේදා (30) පෙරවරුවේ ශ්‍රී පාද උඩමළුවේ බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව රටෙි විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි බැතිමතුන්විහාරය සිල් සමාදන් කිරීම ශ්‍රී පාද උඩමළුවේ වැඩ සිටින දොරපනේ සුමනජෝති හිමියන් ඇතුළු මහ සංඝරත්නය විසින් සිදු කරනු ලැබූහ. මෙවර ශ්‍රී පාද වන්දනා වාරය පෙරේදා (30) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ බවත් ඊයේ (31) ශ්‍රී පාද උඩමළුවේ පැවති බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රී පාද උඩමළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාවලින් කොටසක් රත්නපුර – පලාබද්දර මාර්ගයේ සහ කුරුවිට – එරත්න මාර්ගයේ පෙරහැර දෙකක් ලෙස පැල්මඬුල්ල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවූ බවත් ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියෝ පැවසූහ. එදින පස්වරුවේ ශ්‍රී පාද උඩමළුවේ පැවැත්වෙන බුද්ධ පුජාවෙන් අනතුරුව තවත් පෙරහරක් නල්ලතන්නිය දක්වා වැඩම කර එදින පස්වරුවේ නල්ලතන්නිය බගවන්තලාව, බළන්ගොඩ මාර්ගය ඔස්සේ නල්ලතන්නිය, ලක්ෂපාන, අවිස්සාවේල්ල, රත්නපුර හරහා පැල්මඬුල්ල රජමහා විහාරස්ථානය දක්වා තවත් පෙරහර දෙකක් ගමන් ගත් බවත් මාර්ග 4ක් ඔස්සේ වැඩම කරන ලද ශ්‍රී පාද උඩමළුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඩුව, සමන් දේව ප්රතිමාවන් සහ ආභරණ එදින රාත්‍රියේ සිට අද (01) පස්වරුව දක්වා පැල්මඬුල්ල ශ්‍රී පාද රජමහාවිහාරයට වැඩම කරවුහ.ඒහිදි ආගමික වතාවන් ගනනාවක් හා දේව ප්‍රජා ගනනාවක් පැවෙත්වෙන බව නාහිමියෝ පැවසුව
ශ්‍රිපාද උඩමලුවෙි සිල් සමාදන් විමට රට වටෙන විශාල ජනතාවක්

Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
https://shorturl.fm/hRFSA
Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
https://shorturl.fm/NFcOb
Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
https://shorturl.fm/Rx76Y






