වියට්නාම් ගුවන් සේවය සහ වියට්ජෙට් එයාර් ගුවන් සේවය විසින් කොළඹ සිට වියට්නාමයේ හෝ චි මිං සහ හැනෝයි නගර අතර සෘජු ගුවන් ගමන් මෙම වසරේ සිට ආරම්භ කිරීමට තීරණය කිරීම පිළිබඳ ශ්‍රී ලංකාව ස්තූතිය පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේය.
වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් අද(08) පැවැති අතර එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ අද (08) පෙරවරුවේ පැවැති වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා පිළිගැනීමේ නිල උත්සවයෙන් පසු, වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණ.
දෙරට අතර අවබෝධතා ගිවිසුම් හුවමාරු කිරීමෙන් අනතුරුව දෙරටේ ජනාධිපතිවරුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වන ලදී. එහිදී ;







