වර්ථමාන ආණ්ඩුව අධිරාජ්‍ය ගැති පාලන තන්ත්රයක් බවට පත්ව තිබෙන බව මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (ස.ජ.බ.) පාර්ලිමේන්තුවේ දී ඊයේ (03) ප්‍රකාශ කළේය.
Òඉරානයට සිදුව තිබෙන තත්ත්වය තුළ අද ලෝකයම භීතියට පත්ව තිබෙනවා. අපේ රටටත් යම්කිසි ගැටලු ඇතිව තිබෙනවා. ලක්ෂ 10ට ආසන්න පිරිසක් මැදපෙරදිග කලාපයේ සේවය කරනවා. මේ තුළ අපේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ලෝකය බලා සිටිනවා. තෙල් ගැන කියන්න ඇමැතිවරයාට පුළුවන්. මේවා කියන්න ජනාධිපතිවරයා අවශ්‍ය නැහැ. මෙහෙම යනවා නම් ඇමැතිවරු අකාර්යක්ෂමයි. ඇමැතිවරුන් ගැන ජනාධිපතිවරයාට විශ්වාසයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලයේ සිටි මතය ගැන ජනාධිපතිවරයා පැහැදිලි කළේ නැහැ. ලෝකයේ ඇතැම් රටවල් අද අමෙරිකාවට යම් යම් ප්‍රහාර සඳහා ඉඩ දෙන්නේ නැහැ. මෙවැනි අවස්ථාවල තීන්දු ගත්ත නායකයෝ එදා අපේ රටේ සිටියා. අපේ රට හැමදාම නොබැඳි විදේශ ප්රතිපත්තියක සිටියා.
මේ ආණ්ඩුව හිටපු නායකයන්ට වඩා හොඳට වැඩකරයි විශ්වාස කළා. නමුත් මේ කට්ටිය විපක්ෂයේ සිටිය දී කතා කළ කිසි දෙයක් කරන බවක් පෙනෙන් නැ







